මඟුල් මඟුල්mangul mangul

Magul Magul

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

(මඟුල් මඟුල් එහෙත් මඟුල් එහෙත් මඟුල්
මඟුල් මඟුල් මෙහෙත් මඟුල් මෙහෙත් මඟුල්
ඇතිවන තුරු කන්න බොන්න දෙයියෝ දුන්න මඟුල්
දෙයියෝ දුන්න මඟුල්.......//)

උඩ බැලුවත් මඟුල් මඟුල් මඟුල් 
බිම බැලුවත් මඟුල් මඟුල් මඟුල් 
(රජවරුන්ට සිටුවරුන්ට හැමදාමත් මඟුල්.....//)

ඉපදීමත් මඟුල් මඟුල් ඉඳුල් කළත් මඟුල් මඟුල්
(බඩට මුකුත් වැටෙනවා නම් අපට ඉතින් මඟුල්.....//)

මුල් ගලටත් මඟුල් මඟුල් ගෙවදින්ටත් මඟුල් මඟුල්
(මොනවා හරි නැකැත් නිමිති හොය හොය කන මඟුල්......//)

ගෙට ගත්තත් මඟුල් මඟුල් අත ගත්තත් මඟුල් මඟුල්
(නැකැත් නැතුව මැරුණ දාට විතරක් අවමඟුල්....//)

මඟුල් මඟුල්.......