මගේ යාලු මාළුmagee yaalu maalu

Mage Yalu Malu

සංගීතය:
එඩ්වඩ් ජයකොඩිedwad jayakodi
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

මගේ යාලු මාළු මාළු අපේ යාලු...//

පීන පීන වතුරේ යාලු මාළු අතරේ හිනාවෙන්න ඇත්නම්
කඩදහි ඔරු හදලා ඒ ඔරු වල නැගලා මුහුදු යන්න ඇත්නම්....
(මගේ යාලු මාළු මාළු අපේ යාලු...//)

ගෑවි ගෑවි අහසේ කුරුලු පැටව් රෑනේ ඉගිල යන්න ඇත්නම්
පෝරු ගාපු කුඹුරේ පෙරළි පෙරළි වගුරේ මඩ නාන්න ඇත්නම්....
(මගේ යාලු මාළු මාළු අපේ යාලු...//)

සෙවණ සදන තුරු වැල් සුවඳ හමන වන මල් බලාගන්න ඇත්නම්
කරවෙන්නටත් නොදී මැලවෙන්නටත් නොදී තියාගන්න ඇත්නම්....
(මගේ යාලු මාළු මාළු අපේ යාලු...//)