මගේ වෙලා ළඟ උන්නු ඔයාmagee welaa langa unnu oyaa

Mage Wela Langa Unnu Oya

ගී පද

මගේ වෙලා ලඟ උන්නු ඔයා..
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා..
මගෙ පන තාමත් ඔයා නිසා..

හුස්මෙ පවා ඉන්නෙ ඔයා..
නිතරම මට සිහිවෙනවා..
මැව්වෙ ඔයා මටම කියා..
හදවත තව පවසනවා..

සිතු පැතුමන් පොඩිකර දමලා..
යන්නට ගියාට ඈත්වෙලා..
හිතකින් ද මුළු ජීවිතේ..
මා ලඟම ඔබ සැනසුනේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

හද ගැඹුරේ වේදනා ඇති..
මට විතරක් දුක උරුම ඇති..
බොරුවෙන් ද මගෙ ජීවිතේ..
ලං ලංව ඔබ රැවටුවේ..

පාළුවේ මා තනිවී..
ජීවිතේ විදවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ..
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

මගේ වෙලා ලඟ…