මගෙ සුසුම් අතරේmage susum atharee

Mage Susum Athare

ගී පද

මගෙ සුසුම් අතරේ
අපි මැව්ව හීන අළු වීද රහසේ
කඳුළු පිරුණු හීනේ
නුඹට ළංව උන්නේ

සීතල සුළඟක් ගෙනාවේ නුඹෙ සුවඳ නම්
අයාලේ යන්නේ හැගුමන් සිතටත් හොරෙන්
අවතැන් වුනත් පිදු සේ දුප්පත් හිතේ රහසින්
තාම දළුලයි පෑ ආදරේ රෑ සිහිනයෙන්

වස්සාන සිහිනේ ගැයෙනා කවියක් ලෙසින්
ඈතින් ඇසේ තවමත් නුඹ කී වදන්
ලයට ලං වී පෙර උන්නත් නුඹ මා ළඟින්  රහසින්
විරසක වෙලා නික්ම ගිහින් මගේ ලෝකයෙන්

මගෙ සුසුම් ....