මගේ සුරතල් පොඩි දුවmagee surathal podi dhuwa

Mage surathal podi duwa

ගී පද

මගේ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා
එහි සැකයක් නැති බව මට වැටහී යනවා
මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා
මා මැරු‍ණත් මගේ හිත නැහැ යන්නේ ඇය දමා

පාන්දරින් මම යනවිට රැකියාව කරා
මිදුලට බැස අත වනනව නොපෙනි යන තුරා
පොඩි සපත්තු ඇඳුම් තවද කැවිලි ගේනවා
මේවා දීලා මං ඇගේ පොඩි සිත සනසනවා
පොඩි සපත්තු ඇඳුම් තවද කැවිලි ගේනවා
මේවා දීලා මං ඇගේ පොඩි සිත සනසනවා

පොඩි දේකට බැන්නොත් එයා දුකින් හඬනවා
එවෙලෙට මට අනුකම්පාවක් ඇතිවෙනවා
නාඬන් මගේ දුව කියමින් වඩා ගන්නවා
හොඳයි නරක දෙක එයාට වටහා දෙනවා

කල්ගත වී පොඩිදුව ලොකු ළමයෙක් වෙනවා
දැන් එයාට හොදයි නරක ටිකක් දන්නවා
චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න
දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න
චරිතේ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න
දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න

මගේ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා
එහි සැකයක් නැති බව මට වැටහී යනවා
මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා
මා මැරු‍ණත් මගේ හිත නැහැ යන්නේ ඇය දමා