මගේ හිතේ සොඳුරුmagee hithee sonduru

Mage Sithe Sonduru

සංගීතය:
සංඛ දිනෙත්sankha dhineth
පද රචනය:
දිලුෂන් චන්දිරම්dhilushan chandhiram

ගී පද

මගේ හිතේ සොඳුරුම තැන තවම 
ඔබටම පේවෙලා ඇති බව පවසන්න ඔබේ සිතටම
මතුවෙලා සැනසුම හිනැහෙන්න පෙර වාගේ
ළං වෙලා පෙර ලෙසට නැලවෙන්න මගේ තුරුලේ......

වැව්තෙරේ රඟහලේ හමුවෙලා උන් තාලේ
සිහිනයෙන් සිහිනයට දැනෙනවා සුවඳක් සේ
ඔය නීල නෙතු සඟලින් ඇයි මා බොඳ කෙරුවේ
දුක නැද්ද සිත ඔබගේ හැරයන්න මේ වාගේ.......

මගේ හිතේ සොඳුරුම.....

ලොව මගේ මියැදිලා හිරු එන්නේ නෑ ආයේ
 දිනෙන් දින ගත වෙනවා දුරින් දුර වැඩි වාගේ
මග තොටේ හමු වීලා ඔබ යනවා
දුටු මොහොතේ දැවෙනවා සිත මාගේ
හිරු දුටුව පිනි බිඳු සේ.....

මගේ හිතේ සොඳුරුම.....