මගෙ සිත සිහිනmage sitha sihina

Mage Sitha Sihina

ගී පද

මගෙ සිත සිහින විමන් 
අතරේ තනි වෙලා 
ඔබ මගෙ අසල හිඳියි
කුමරියෙ සැරසිලා
මා හැර නොයනු මැනවි
පියවි ලොවට සොඳුරු රෑ
මගෙ සිත සිහින විමන් 
අතරේ තනි වෙලා 
ඔබ මගෙ අසල හිඳියි
කුමරියෙ සැරසිලා.........

කඳුළක් දෑසේ 
තිනිවෙන්ට නොදෙනු කිසිදා
මාවෙත රහසේ 
ගෙන එන්න සුවඳ සැමදා.........
තනිවීලා දුර නොයන්න
පාළු රැයක සිත රිදවා

පිණි පොද වැස්සේ 
ඔබ මලකි සුවඳ හමනා
මම හිමිදිරියේ එමි 
රන් සමනලයෙකු සේ
තනිවීලා දුර නොයන්න
පාළු රැයක සිත රිදවා.......