මගෙ සිහිනය මට දකින්නmage sihinaya mata dhakinna

Mage Sihinaya Mata Dakinna

ගී පද

මගෙ සිහිනය මට දකින්න 
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ලං නොවන්න //

සඳැස් විදා මොණරු නටති
මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ
මලිතිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලී සැදී
නගන මධූර නාදේ
මල් ගොමු තුල නිල් පලුදළ
යහන නිබද සැදේ 

මගෙ සිහිනය ....

ලවන් ඔඩම තුඩ තබමින්
බොත රස මධු පානේ
සුරත් සහන් එලි දැල්වේ
දෙනුවන් මිණි පැනේ
ලඹ තුන්සපු දුනුකේ මැද
පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන
සිහිලැල් හඳ පැනේ

මගෙ සිහිනය ....