ගී පද
මගේ සිහින මැදුරේ විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම් රැගෙන යන්න ඒවා...
දොසක් ආයේ නොතබනා
(අන්ධ අහස සේ...//)
පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් පොද වැටී සැලෙනා
(සුමුදු පෙති සිඹිනු බෑ....//)
දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරී
(දොම්නසක් පිරේ නම්...//)
මගේ සිහින මැදුරේ...