මගේ සතුට ඔබ මිස නැත වෙනmagee sathuta oba misa naetha wena

Mage Sathuta Oba Misa Natha Wena

ගී පද

මගේ සතුට ඔබ මිස නැත වෙන 
ළයේ සොඳුරු සිතුවිලි පිබිදුන 
එහා ලොවෙහි තනිවුනු අද දින 
සදා සිතමී සැනසෙන ඔබ ගැන 

මගේ රහස හදවත තුල දැවේ 
මලේ බඹරු එය දැයි පැවසුවේ 
සිනා දෙතොල සිහියට එන වෙලේ 
ඔබේ මුහුන මට අමතක නොවේ

මගේ සතුට... 

සදා සොඳුරු සිතුවිලි සිත පුරා 
සඳේ සිසිල ගත සිත ඇත අරා 
නෙතේ රැඳුනු බැල්මෙහි නැත නුරා 
මගේ පැතුම එනු ඇත ඔබ කරා

මගේ සතුට...