මගෙ සතුට අරන්mage sathuta aran

Mage Sathuta Aran

සංගීතය:
විරාජ් පෙරේරාwiraaj pereeraa
පද රචනය:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

ගී පද

මගෙ සතුට අරන් ඔබ යන්න ගියත්
ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි
මං ගැනවත් මං නොසිතනා තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කරානේ මං

දිවියේ පුරා ඔබ එන තුරා..
මම ඉන්නවා තනිවෙලා..
සැනසුම ඔයා ගෙනෙනා තුරා..
මම ඉන්නවා මඟ බලා..

තනිකම රැදිලා මේ පපුව පුරා..
උණු කඳුළු බිංදු වැටුනා..
හදවත ගැඹුරේ මගෙ සෙනෙහෙතියේ.. 
මහ මෙරක් තරම් පිරිලා..
පණ වාගේ ඉන්නවා කියා.. 
හැරදාලා ඔබ ගියේ එදා..
මගෙ හිතේ සැනසුම අරන් ඔයා...

පෙම් වචන පවා අමතකව ගිහින්..
හිත රිදුන හින්දා හඬලා..
ඔබ ආයේ ඇවිත් හීනයට මගේ 
රිදවන්නේ ඇයි ද හැමදා..
පණ වාගේ ඉන්නවා කියා.. 
හැරදාලා ඔබ ගියේ එදා..
මගෙ හිතේ සැනසුම අරන් ඔයා..

මගෙ සතුට අරන්..