මගේ සඳ ඔබ මගේ සඳ ඔබmagee sanda oba magee sanda oba

Mage Sanda Oba Mage Sanda Oba

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ

එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකලු කරමින්
උදාවිය ගිරි ශිඛර සිරසේ

මගේ සඳ ඔබ.....

මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියලි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ

මගේ සඳ ඔබ.....