මගේ පුංචි රෝස මලේmagee punchi roosa malee

Mage Punchi Rosa Male

සංගීතය:
ඩැනිස‍්ටර‍් පෙරේරාdaenistar pereeraa
පද රචනය:
ධම්මික බණ්ඩාරdhhammika bandaara

ගී පද

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
(නුඹ හීනෙන් වත්
නොදකින කුමරා...//)

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය - ඔබට කියන්න
තරහක්  නැහැ නුඹ බැස යන්න

මගේ පුංචි රෝස මලේ....

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවා නම්
ආසයි මං කවුළු පියන් - හැරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

මගේ පුංචි රෝස මලේ....