ගී පද
දහදිය හෙලලා වෙහෙසක් නොබලා
මා වෙනුවෙන් ජීවිතයම පුදනා
මගේ සැප පතා සැප අත්හරිනා
මගේ පියා රැක දේවා
ඔබේ සෙනෙහසේ නැත අඩුවක් නම්
දැනුනේ කිසිදා
නෑ මට අඩුවක් නම් කෙරුවේ//
ඔබේ ආදරේ මහමෙරක් වගේ
මට නම් සැමදා ජීවිතේ පුරා
ජීවිතේ පුරා
බාල වියේ ඉඳන් මා තුරුලට අරන්
මගේ සැප දුක් විමසා බැලුවේ
ඔබේ හදේ තිබෙනා ආදරේ
අසීමිතයි මට නම් පියාණෙනි
දහදිය හෙලලා...