මගේ පැතුම් ඉකිබින්දාmagee paethum ikibindhaa

Mage Pathum Iki Binda

ගී පද

මගේ පැතුම් ඉකිබින්දා
ඔ‍බේ ‍ලො‍වේ ඉඩ ඉල්ලා
හිත පවසන්න බැරි ආද‍රේ
නෙත පුරවන්න ඇයි කඳුළු ආ‍වේ
අමතක ‍නො‍වේ සැමදා

‍හොරැහින් ඇවිත් හිතට වස්සාන‍යේ
නිදිදෑස ‍හෙම්බත් කරාවි
සිරියාව ගැවිලා පැහැදුන් හදේ
‍නොකියාම රෑ එළිකළාවි
හිත පවසන්න බැරි ආද‍රේ
‍නෙත පුරවන්න ඇයි කඳුළු ආවේ
අමතක ‍නො‍වේ සැමදා

‍දෙනුවන් පුරා කඳුළු ගෑවී රැ‍යේ
ම‍ගේ හීන ‍බොඳ වී ගලාවී
පවසන්න හිත හයිය වන විට ම‍ගේ
ඔබ ඇ‍ගේ වීලා සිනා‍සේ
හිත පවසන්න බැරි ආද‍රේ
‍නෙත පුරවන්න ඇයි කඳුළු ආවේ
අමතක ‍නො‍වේ සැමදා

මගේ පැතුම් ....