මගෙ පැල්පතේmage paelpathee

Mage Palpathe

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

ගී පද

මගෙ පැල්පතේ මා අඳුරේ වෙලී මා 
තනියේ ගිලී මා ගයමී මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිගිවේ හදේ.....

මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී
කවදත් ඔබයි ආදරේ මට ලන්වී
මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්.....

ඔබ කී කතා රස කතා අද වාගේ
සිහිවේ ලයේ සැනසුමයි එය මාගේ
සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්
ලැබුනොත් ප්‍රියේ වාසන් අත ගන්නම්......