ගී පද
මගේ පැලේ අඳුර නසන්නන
සිතනවා මනාලියක් ගෙන්න
නිවාස පුරා එළිය කරන්න
මට විනෝදයෙන් කාලේ ගෙවන්න//
උපන් රටේ අඟලක් නැත මගෙයි කියන්න
මම අසරණයෙකි අතරමං වුණ
ඔය ඉර හඳ දෙකටත් බැරි විය අඳුර නසන්න
මම තරුවක් අද අහසේ පාවෙන//
රූප රාජිනියෝ කුමරියෝ මම සොයන්නේ නෑ
ඔය ඉඩම් කඩම් මම බලන්නේ නෑ
ඔය කුලමල දෑවැදි කිසිවක් මම සොයන්නේ නෑ
ගුණවත් ලලනාවක් තවම දැක්කේ නෑ//
මගේ පැලේ ඇඳ පුටු නැත සැපට සිටින්න
නැත සිනිඳු සේල හැඩට අඳින්න
ඔය රන් මිනි මුතු මාල වළලු නැත පළඳින්න
මම දුප්පත් බව නිතර සිතන්න//