මගේ ලොවට ඔබmagee lowata oba

Mage Lowata Oba

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිදී
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

බලා හිඳිමි පෙර මග නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා
කවදා හෝ එක් අරුණ උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර
වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා...///