ගී පද
මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා
සමු අරන් ගියත් යළි එනවාමයි
ලස්සනම මලක් නුඹ පර නොවෙනා
එය නෙලා ගන්නෙ මම විතරක්මයි
ඒ මලේ සුවඳ ඇත්තටම මගෙයි
හිත රිදෙන කතා ගැන හිතන්නෙපා
මට ඇහුනේ නැතත් ඔබ බනින්නෙපා
සඳ ඇවිත් නැතත් තරු හොඳයි කියා
(නිල් අහසට ආදරෙ කරන්නෙපා.....//)
මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා
සමු අරන් ගියත් යළි එනවාමයි
ගී පොකුරු පවා සුන්දරයි කියා
ඔබ කියූ වදන් මතකයේම තියා
හදවතින් පිදූ සෙනෙහසට සදා
(මා හතුරු නොවෙමි මගෙ පණයි ඔයා.....//)
මගෙ කුමාරියේ ඔබ හඬන්නෙපා
සමු අරන් ගියත් යළි එනවාමයි
ලස්සනම මලක් නුඹ පර නොවෙනා
(එය නෙලා ගන්නෙ මම විතරක්මයි
ඒ මලේ සුවඳ ඇත්තටම මගෙයි...//)