ගී පද
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්න ගින්දරක්
මට දුන්න ගින්දරක්
(මගෙ පෙම්බරී අසන් මට මං ගැන දුකක් නොවෙයි
අපෙ පුංචි පැටවූගේ හෙට කල දවස ගැන දුකයි)...//
ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි
මං ගැන හිතන්නෙපා උං ගැන සිතා වරෙන්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්න ගින්දරක්
මට දුන්න ගින්දරක්
(මගෙ වැරද්දක් නැතත් අග හිඟකම් උනා තමයි
ඔය පෙම්බරා නුඹේ සිත සොරකම් කළා එයින්)...//
උන දේ උනා තමයි නඩු හබ පලක් වෙද ඉතින්
මං ගැන හිතන්නෙපා උං ගැන සිතා වරෙන්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්න ගින්දරක්
මට දුන්න ගින්දරක්