ගී පද
මාගේ කිරිල්ලී සොයා යන්නේ මා
ඇය හා දකින්නයි දරුවන් මගේ
පියාසර කරන්නේ නිදහසින් මෙමා
කවුදෝ බිඳින්නේ අත්තටු මගේ
ඇය අසරණයි ඈ අවිහින්සකයි
මවූ පදවියෙන් ඈ සිත් සතුටු වෙයි
අත්තටු බිඳී මා අසරණ උනෝතින්
කවුදෝ රකින්නේ දරුවන් මගේ
මාගේ කිරිල්ලී.....
අපගේ කැදැල්ලේ සතුටටයි රැඳෙන්නේ
ඔබගේ සුසුම් මා නෑ එහි දකින්නේ
රැකදෙන්න මා හා දරුවන් මගේ
බිඳලනු එපා දැන් මගෙ ජීවිතේ
මාගේ කිරිල්ලී සොයා යන්නේ මා
ඇය හා දකින්නයි දරුවන් මගේ
පියාසර කරන්නේ නිදහසින් මෙමා
(කවුදෝ බිඳින්නේ අත්තටු මගේ....///)