මගේ කඳුළු වැල් ඔබට සිනා රැල්magee kandulu wael obata sinaa rael

Mage Kandulu Wel Obata Sina Rel

ගී පද

මගේ කඳුළු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් වැල් //

ප්‍රේමය මල් සුවඳක් සේ
හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් චන්ඩ මාරුතයක් සේ
හැඟුම් පියාපත් සිඳියි කියා

මගේ කඳුළු වැල් ....

ප්‍රේමය සඳ එළියක් සේ
ගලා ආ දියේ 
කෙලෙස සිතන්නද එය මං
මෙවන් රුධිරු ගිනිදැල්ලක් සේ
සිතුම් වළාවන් දවයි කියා

මගේ කඳුළු වැල් ....