මගේ කඳුළු දැක (දෙවියනි පෙරදා)magee kandulu dhaeka (dhewiyani peradhaa)

Mage Kadulu Daka (Dewiyane Perada)

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

දෙවියනි පෙරදා මට දුන් දේ උදුරා
අද ගන්නේ ඇයි කියලා පහදන්න පැමිණිලා
සතුට දී සනසාලා අගට දුක අමුණාලා
රිදවන්නේ ඇයි කියලා මං දන්නෑ තවමත්
(මගේ කඳුළු දැක සතුටු වෙන්න සමහරුන් බලන් ඇති
සැපේදි සිටි අය දුකේදී ළඟ නෑ දැන් මට මා පමණි...//)

හිර කරගෙන කප්පරක් ශෝකයන් සිටිමි සිනහා වෙලා
ලෝකය ඉදිරියේ අනුකම්පාවක් නෑ මට ඕන වෙලා
හයියයි හිත මගේ ඒත් දුකයි මට දෙවියොත් පිටුපාලා
වරදක් නොකරන මට මේ විලසින් දඬුවම් දෙන හින්දා
(මගේ කඳුළු දැක සතුටු වෙන්න සමහරුන් බලන් ඇති
සැපේදි සිටි අය දුකේදී ළඟ නෑ දැන් මට මා පමණි...//)

ජීවිතයේ මට ලොකු ලොකු අරමුණු නෑ දැන් ඉතුරු වෙලා 
මීට වඩා තව කරදර මොනවද උහුලන්නට තියෙනා
ආදරේ කරනා දේවල් මට බේරා දෙන්නට කියලා
කියන්න ආවත් මං එනකොට දේවාලෙත් දොර වැහිලා...

දෙවියනි පෙරදා...