ගී පද
මගේ ජීවිතේ ඔබ නම්
ඔබේ ජීවිතේ මා නම්
මේ ආදරේ පුදන්නම්
හැමදා ළඟින් රැදෙන්නම් //
හිත් යායට පිණි වැටිලා ආදරේ කුසුම් පිපිලා
ඒ කුසුම් සුවඳ දැනිලා හදවතම උමතුවෙනවා
නිදි දෙව්දුව නෑ එන්නේ ඔබේ රුවයි නෙතු දකින්නේ
උපදිනා හැඟුම් ලමැදේ කොහොමදෝ දරා ගන්නේ
මගේ ජීවිතේම ........
මට කඳුළු උරුම කරලාඔබ යන්න එපා මිදිලා
මියැදුන්නේ ඔබව හැරදා මම නොයමි ඉන් කිසිදා
යෞවනේ මල් වසන්තේ මගේලොවට ද වඩින්නේ
හිත ආදරෙන් පිරෙන්නේ මේ ඇත්තමයි කියන්නේ
මගේ ජීවිතේම .......