ගී පද
මගෙ ජීවිතේ... සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ... හැරදා... කිසිදා...
තරු මිලීන වෙලා සඳු නෑ අද මගෙ ලෝකෙ
බොඳවී පැතුමන් මා හඩවා...//
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුළු වී සැනහුනේ
ලස්සන සිනහවක පැටලුනේ
සිඳගෙන ඔබද මා සුරතලී...//
නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මාගේ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේනම්
තරු අතුරා අහසේ සරසන්නම්...//
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුළු වී සැනහුනේ
ලස්සන සිනහවක පැටලුනේ
සිඳගෙන ඔබද මා සුරතලී...//