මගේ ඉහේ මලාක් පිපුණේ (මගේ පබාවතී)magee ihee malaak pipunee (magee pabaawathii)

Mage Ihe Malak Pipune (Mage Pabawathi)

ගී පද

මගේ ඉහේ මලාක් පිපුණේ
නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ
එනු මගේ පබාවතීයේ
දෙනු සුවේ අමා සොඳිනේ
මනු ලොවේ සුරංගනියේ
රකිම් නිසැකේ මගේ පණ සේ
එනු මගේ සුරාජිනියේ
දෙනු සුවේ අමා තොසිනේ...

පූෂ්පෙකී නුඹ නාරිලතා
මන බැඳුනේ ප්‍රාණෙ ලෙසේ
ග්‍රීෂ්මෙකී නුඹෙ ආලෙ නිසා
හද පිරුණේ ප්‍රේම රසේ
පායනා ආකාශයේ පුන්
චන්ද්‍රයා විලසේ...

එනු මගේ පබාවතීයේ
දෙනු සුවේ අමා සොඳිනේ
මගේ ඉහේ මලාක් පිපුණේ
නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ
එනු මගේ පබාවතීයේ
දෙනු සුවේ අමා සොඳිනේ...

රාත්තරන් සොඳ කිසිම කලේ
කිසි අඩුවක් වේද අගේ
ඉස්ථිරයි මගෙ ආලෙ එසේ
සිත සැකයාක් කුමට නගේ
පායනා ආකාශයේ පුන්
චන්ද්‍රයා විලසේ...

එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ
මගේ ඉහේ මලාක් පිපුණේ නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ
එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ...
මනු ලොවේ සුරංගනියේ රකිම් නිසැකේ මගේ පණ සේ
එනු මගේ සුරාජිනියේ දෙනු සුවේ අමා තොසිනේ...
එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ
එනු මගේ සුරාජිනියේ දෙනු සුවේ අමා තොසිනේ
එනු මගේ පබාවතීයේ...