ගී පද
දෛවය හැමදේ විසඳූ කාලය වේ නපුරු
සැනසීම දුරස් කරපු ඔබ වේද තැන් සතුටු
හොඳ පරෙස්සමෙන් ඉන්න සුභ පතනවා ඇරෙන්න
මා මරන්න එක පාර ආයේ බෑ හැරෙන්න
(මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි
හොඳ හිත තියා යන්න හොඳටම ඇති...//)
මගෙ පවට ඔබ අහිමි වෙන්නට ඇති
ඔය හිතට ගැලපෙන කෙනෙක් නම් ඇති
ඔබෙ පිනද මගෙ පවද උත්තර නැති
තේරේවි කල්යාවි කවුරුද හරි
මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි
හොඳ හිත තියා යන්න හොඳටම ඇති
නෑ තරඟයක් මට ඔයා එක්ක දැන්
පැරදීම ලැබුනත් ආදරෙයි තාම මං
ගොඩ නගපු අපෙ ලෝකේ අවසාන නම්
නොපෙනී දුරක යන්නම් හොඳ වැඩී මං
දෛවය හැමදේ විසඳූ....
(මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි
හොඳ හිත තියා යන්න හොඳටම ඇති...//)