මගේ හිත වෙනතක යාවී ඇති බවmagee hitha wenathaka yaawii aethi bawa

Mage Hitha Wenathaka

ගී පද

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ

දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
ඇයි නිහඬව ඉන්නේ

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ

දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං

මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
දැන්වත් හිනැහෙන්නේ

මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ

දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං