ගී පද
මගේ හිත තෙමා ඉගිලී ගියත් හැරදමා
ඔබ දන්නවා මං වගේ කවුරුවත් නෑ කියා
ඒ කාලේ ආයේ හමුවෙන්නේ නෑ
අපි අපිට හිමිනැති නිසා
දැකගන්න ආසයි ඔය ඇස් ඔබේ
සදහටම ඔබ නැති නිසා...
ආදරේ මුසු කරලා ජීවිතේ රස කරවා
මා හදේ තනි මකලා
ඇයි ගියේ වෙනකෙකු හා...
අමතක කරන්නට බැහැ මට නම්
(සත්තයි මගේ රත්තරන්...//)
රළු හිතේ දුක පුරවා මුළු රැයේ විඳවනවා
නුඹ මගේ දුක නරඹා දුර ඉඳන් හිනැහෙනවා...
අමතක කරන්නට බැහැ මටනම්
(සත්තයි මගේ රත්තරන්...//)
මගේ හිත තෙමා...