මගෙ හිත පිරී තිබෙන්නේmage hitha pirii thibennee

Mage Hitha Piri Thibenne

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka

ගී පද

මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ

අප ළං කරවා 
කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා 
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි

මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ

කඳුළැල් මැදුරේ 
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන් 
දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබටයි මටයි...///