ගී පද
මගේ හිත නැතිවෙලා
මගේ හිතත් නැතිවෙලා
ඔබ මගෙ හිත ඇහින්දද මන්දා
ඔබ මගෙ හිත හැඳින්නද මන්දා
ඔය ඇස් අද්දරට ඇවිත්
හොරෙන් හොරෙන් හීන කතා ඇහිදින්නා
රෑට රෑට පිණි ඉහිරෙන අහස යටින්
මාල ගිරා සැතපෙනවා ඔබට හොරෙන් //
මගේ හිත ....
පාට පාට දේදුන්නේ සළුව අරන්
ඔය නෙතු සපුව සරසා මුව සිඹිමි තුටින්
ඉඟ නෙරි රැලි ලිහිල ගිහින්
ඉහිරී ගෙන යහන මතින් රත්තරනේ ඔබට //
මගේ හිත ....