ගී පද
මගේ හිත් විල පෑදි දිය කළඹා ඒ දියෙන් දෝතක් අරන්
මගේ අතැගිලි තුඩින් දඟකාර කමට ඉස
ඔබ වින්ද නින්ද බින්දා ඒ හීනේ හිටියේ ඔබයි
හැබැවින් දකින්න දැන් අවසරයි
කාට කාට කියන්නද උදේ
පාට පාට හීනේ මගේ ..
වින්ද අරවින්ද සුවඳ දැනෙතැයි ඉව කරලාබලා සිටියා විල්තෙර
මේ රාත්‍රිය ඇහැරෙන්න පෙර කොඳපන් මතින් ඇවිදින්
ඉසින්නම් දෝතක් ඉවකරන සිත පුසුඹේ
කාට කාට කියන්නද උදේ
පාට පාට හීනේ මගේ