මගෙ හීනයෙ ලඟ ඉන්නටmage hiinaye langa innata

Mage Heenaye Laga Innata

ගී පද

මගෙ හීනයෙ ලඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවේදෝ

ආදරේ මට නම් - ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් - ඇයි කඳුළු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම්..
හිත මත  ‍දඟ කෙරුව තරම්..
උණුහුම හිත හැදුව තරම්..
රැවටුනු හැටි මා මෙතරම්..

හිත හඩන තරම්
ඔබ දන්නවනම්
තව කඳුළු දිදී...රිදවන්න..
මා දැවෙන තරම් - ඔබ දන්නෑ....

මගෙ හීනයේ...

නොමියෙන මල් මතක පෙති..
එක එක බිඳ දැමුව හැටි..
නෙතු අග තෙත් රැදුනු නිති..
මගෙ වරදම වෙන්න ඇති..

උණු සිනහ සිතින්..
ඔබ ඉන්නවනම්..
තව කඳුළු කතා...පවසන්න
මේ කදුළු මගේ - දැන් දුක නෑ.....

මගෙ හීනයේ...