මගේ හදේ මැද්දේ ඔබේ ආදරේට භවනක් සදාmagee hadhee maedhdhee obee aadhareeta bhawanak sadhaa

Mage Hade Madde

ගී පද

මගේ හදේ මැද්දේ  ඔබේ ආදරේට භවනක් සදා...
ඒ භවනේ නුඹ හිදුවා ආදරේ කලා පෙරදා..
කලකිරුමකුත් තියනවා නුඹ ඒක දන්නවා...
ආදරෙයි රවටාලා මට වංචා කලා.....
දෑස් පේන මානේ මා රිදෙවුවත් ඔයා..
නෑ කඳුලු දෑසේ තව වැටෙන්නට කියා..
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා...
ඇයි එදා මට නොදුන්නේ ඔය අතින් මට වහා....
පසුතැවෙන්නට එපා..
බොරුවට හඬන්නෙඑපා..
අද විඳින්න බැරි ආදරේ හෙට හොයන්නෙපා....//

පවට පින යා නොදේ ...
නුඹට නෑ මා අගේ..
දැනෙන දා ආදරේ..
නුඹ හිතින් යැදේ...

නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා...
ඇයි එදා මට නොදුන්නේ ඔය අතින් මට වහා....

හිත පතුලට කා වැදී
නුඹ දුන්න දුක හරි වැඩී...
එකදිගට තරහා වෙවී අපි 
එකට හිටියා ඇතී... //

පවට පින යා නොදේ ...
නුඹට නෑ මා අගේ..
දැනෙන දා ආදරේ..
නුඹ හිතින් යැදේ...

මගේ හදේ මැද්දේ  ඔබේ ආදරේට භවනක් සදා...
ඒ භවනේ නුඹ හිදුවා ආදරේ කලා පෙරදා..
කලකිරුමකුත් තියනවා නුඹ ඒක දන්නවා...
ආදරෙයි රවටාලා මට වංචා කලා.....
දෑස් පේන මානේ මා රිදෙවුවත් ඔයා..
නෑ කඳුලු දෑසේ තව වැටෙන්නට කියා..
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා...
ඇයි එදා මට නොදුන්නේ ඔය අතින් මට වහා....