මගේ ගාවට හීන ගෙනල්ලාmagee gaawata hiina genallaa

Mage Gawata Heena Genalla

සංගීතය:
ජගත් රැස්නායකjagath raesnaayaka
පද රචනය:
ජගත් රැස්නායකjagath raesnaayaka

ගී පද

මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා

කෝල ඇස් නුඹේ මගේ කියලා
රෝස තොල්පෙති මත ලියලා
පෙම් මාළිගාවේ අග රැජිනයි නුඹ සැමදා
ජීවිතේම නුඹ රැකලා හාදු වැස්සේ නිදි කරවා
දුර ඈත පේන තරු පොකුරේ ඔබ සඟවාලා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා

රෑට සුපිපෙන මල් ගොතලා
නීල දෙනුවන් සරසවලා
ඔබ මාගේ පුන්සඳ තුරුලට වී හද සනසවනා
තාම හදමල සනසවනා පාළු දිව රෑ එළිකරනා
මුළු භවයෙන් භවයට නොමියෙන සේ පෙම පුද කරනා
මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ
මැව් හීනය තුරුළු කරන් මා උන්නා

මගේ ගාවට හීන ගෙනල්ලා
නුඹ ඈතට යන්න ගිහිල්ලා
මැව් හීනය තුරුළු කරන් මා උන්නා
නෙතු ගාවට කඳුළු ගෙනල්ලා
තනි වෙන්නට දුරක ගිහිල්ලා
මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා
පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා
මම හිඳිමී සදා මග බලා