මගෙ දුවේ ඔබ අවදියෙන් නම්mage dhuwee oba awadhiyen nam

Mage Duwe Oba Awadiyen Nam

ගී පද

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැය මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන 
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළොව කෙතරම් සුන්දරද 
මගෙ දූ තනියම හිනාවෙයි

මගෙ දුවේ ඔබ ....

ඝණ කළුවරට අප පෙම්  කලොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි 
ලොව දුන්නු දේවල් අද අපිට
හෙට ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි 

මගෙ දුවේ ඔබ ....