මගේ දෑස ඔබේ කියාmagee dhaesa obee kiyaa

Mage desa obe kiya

ගී පද

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා 
මම සැනසෙනවා //

ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ 
මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා 
මම සැනසෙනවා

ඔබේ අතින් නළලේ තැබූ කුංකුම තිලකේ 
ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා 
මම සැනසෙනවා

මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ 
ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා 
මම සැනසෙනවා //