මගේ චූටී දූ බලන්නmagee chuutii dhuu balanna

Mage Chuti Duu Balanna

ගී පද

මගේ චූටී දූ බලන්න
මා ගිය දා
මහ වැස්සක් ඇද හැලුනා 
ඇයි මන්දා
වට පිට බැලුවත් 
කවුරුත් නැති හන්දා
මගේ ආදරේ කිවා කැගහලා

මගේ ආදරේ කිවා කෑගහලා

ඇයි සුදු දෝනි නුඹ තනියෙන් ඉන්නෙ
ඇයි නුඹ මා හට එන්නට නොකියන්නෙ

මා මෙහි ආවත් නුඹ දුරකයි ඉන්නෙ
ඇයි මට නුඹගේ හඩවත් නෑසෙන්නෙ
ඇයි මට නුඹගේ හඩවත් නෑසෙන්නෙ

මගේ චූටී දූ බලන්න
මා ගිය දා
මහ වැස්සක් ඇද හැලුනා 
ඇයි මන්දා
වට පිට බැලුවත් 
කවුරුත් නැති හන්දා
මගේ ආදරේ කිවා කැගහලා

මගේ ආදරේ කිවා කෑගහලා

මල් ගස්වල මල් පිපිලා පරවෙන්නෙ
එ මල් විතරද නුඹ තනියට ඉන්නෙ
නිහඩව සිටියත් ඇස් නැහැ උහුලන්නේ
ඒවා මකන්නද මහ වැසි ඇද වැටුනේ
ඒවා මකන්නද මහ වැසි ඇද වැටුනේ

මගේ චූටී දූ බලන්න
මා ගිය දා
මහ වැස්සක් ඇද හැලුනා 
ඇයි මන්දා
වට පිට බැලුවත් 
කවුරුත් නැති හන්දා
මගේ ආදරේ කිවා කැගහලා

මගේ ආදරේ කිවා කෑගහලා.