මගේ ආයුෂත්magee aayushath

Mage Ayushath

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
රුවන් ලක්මාල්ruwan lakmaal

ගී පද

මගේ ආයුෂත් අරගෙන ඔයා 
ගිය තැන හොඳින් ඉන්නට කියා
පැතුවේ හැමදා මා තෙරුවන් පුදා
මගේ පණ ලොවේ ඔබමයි නිසා
(කවදාක හෝ යළි ආයෙමත් 
මාව සිහි වී සෙව්වොත් ඔයා
යලි එන්නේ නෑ සෙනෙහස සොයා
හිඳිමි තනි වී ඔබ එනතුරා......//)

හිත හදාගන්න බෑ ඔයා දුන්නු දුක දරන්
සැනසිලා ඉන්න මට ඔයා හිමි නැති වුණත්
කවදාක හෝ යළි ආයෙමත් 
මාව සිහි වී සෙව්වොත් ඔයා
යලි එන්නේ නෑ සෙනෙහස සොයා
හිඳිමි තනි වී ඔබ එනතුරා......

හැර ගියත් දුරක මා දමා සුළඟක් වගේ
නෑ තරහා හිතේ පැතුවේ ඔබේ සතුටයි ලොවේ
(කවදාක හෝ යළි ආයෙමත් 
මාව සිහි වී සෙව්වොත් ඔයා
යලි එන්නේ නෑ සෙනෙහස සොයා
හිඳිමි තනි වී ඔබ එනතුරා......//)