මගේ අතින් නුඹට වූව අඩුපාඩු ඇතිmagee athin numbata wuuwa adupaadu aethi

Mage Athin Nubata

ගී පද

මගේ අතින් නුඹට වූව අඩුපාඩු ඇති 
නුඹේ සිතට නොදැනුවත්ව රිදුම් දෙන්නැති 
නුඹට මගේ හැමදෙයක්ම නපුරු වෙන්නැති 
සිතූ පැතූ සෑම දේම නුඹට වැඩිඇතී..//

නොකල වැරදි මගේ නමින් පිරී යද්දිනම්
කදුළු වලින් දෑස් තෙමුනෙ නොදැනී මටනම් 
නිතර නිතර අප වෙනුවෙන් කැපකරපු තරම් 
පෙර සසරෙන් රැගෙන ආපු දුක්වින්දා මං..//

කිසිවෙකු නෑ නුඹ හින්දා මෙතරම් තැවෙන 
සුසුම් වලින් නුඹ දිවුරුම් දුන්නේ කොහොම 
ආදරයම උතුම් කියල හැගුනොත් දිනෙක 
වැද වැටුනත් නැවත එපා රැවටුනු හිතට..//

මගේ අතින් නුඹට.......