මගේ ඇසුරින්magee aesurin

Mage Asurin

සංගීතය:
දමිත අයෝද්‍යdhamitha ayoodhya
පද රචනය:
මහේෂ් උයන්වත්තmaheesh uyanwaththa

ගී පද

මගේ ඇසුරින් මිදිලා පියඹා යන්නට 
ඇයි සිතුවේ සොඳුරේ වෙන් වන්නට
සිත පැතුවේ සැමදා ළඟ ඉන්නට
(හද ලතැවේ බෑ ඉවසන්නට.....//)

වියැකෙන්නෑ හද කැඩපතේ ඔය රුව සදා
හුසමක් වැටෙන්නේ ඔබ ගැන අස අසා
හදගිනි දුරලන්න කඳුලැලි වියලන්න 
යළි එනු පුළුවන්ද මා ගැන සිතා......

මගේ ඇසුරින්......

පණ කෙන්ද මිය යන්නට ටිකකට කලින් 
ළඟ ඉන්න හැකි නම් ඉහටත් උඩින්
මේ භවයේ නැත්නම් මින් මතු භවේදි
මගේ වී ළඟ ඉන්න පතමි සිතින්......

මගේ ඇසුරින්.......