මගේ ඇස් පියෙන තුරාmagee aes piyena thuraa

Mage As Piyena Thura

සංගීතය:
යසස් මැදගෙදරyasas maedhagedhara
පද රචනය:
සජිත් අක්මීමණsajith akmiimana

ගී පද

මගේ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබේම තමා
නුඹ දන් නෑ කිසිදා ඔබ මගේ මුළු ලොවම කියා
පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිඳිනු සදා
සසර ගමනේදී මා පැතුවේ ඔබම තමා...

පෙර වගේ මුණ ගැසූ සේ හමුවන්න බෑනේ ළංවීලා
මේ භවේ අපි විදි සෙනේ මතු ලොවක විඳිමු එක්වීලා
අපි අපේ නොවුනත් ප්රිවයේ මට ඉන්න දෙන්න තහනම් සිතේ
පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා...

පෙම් කරේ ඇයි අප මෙසේ හැමදාම ඉන්නේ කඳුලින් මේ
හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනේ සතුටින්නේ
මට ඔබේ තුරුලේ ප්‍රියේ මියැදෙන්න එන්න අවසන් පැයේ
පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා...

මගේ ඇස් පියෙන තුරා...