මගෙ අමල් බිසෝ දොර හරින්නෙපාmage amal bisoo dhora harinnepaa

Mage Amal Biso

ගී පද

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්