මගේ ඇගිලි තුඩක නොගැටීmagee aegili thudaka nogaetii

Mage Agilithudaka Nogati

ගී පද

මගේ ඇගිලි තුඩක නොගැටී
පෙම පිරුව හදවතින් 
මට සිනාසෙන්න කියා දෙන්න 
කඳුළු දුන් නෙතින් //
	
මගේ සිහිනවලට තටු දී සෙනෙහසින් 
ඔබ කඳුළු තොටක තනි වී 
තනිකම ඉතිරි කළා
මට තනිකම ඉතිරි කළා 

මගේ ඇඟිලි තුඩක ..../

එකම ගඟක දෙවුරේ පිපී ආදරෙන් 
අපි ගඟට වැටෙමු පරවී 
හමුවනු නොහැකි නිසා 
අප හමුවනු නොහැකි නිසා

මගේ ඇඟිලි තුඩක ../