මාගේ ආදරියේmaagee aadhariyee

Mage Adariye

සංගීතය:
පසන් ලියනගේpasan liyanagee
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

මාගේ ආදරියේ.....
ඉඟ සුඟ නලවන ඔය ඉටි රූපේ දැන් හැඩ වේ
මම ඔබේ හිමිකරු වේ
ආත්ම ගාණක් පෙරුම් පුරා එන ආදරියේ
හීනෙන් හීනෙට ආල කතාවක් තෝරා
ආල නුරා ඇස් මා දෙසටම ඉඟිපානා
හීන ගානේ හිත ඇවිදින් තාලෙට දුවනා
ඔය සුන්දර රුව දැන් කස්තුරි ගාලාද
ලස්සන මේ තරම්......

දෙනුවන් අඩවන් කර බලනා 
සිතඟේ පෙම් හැඟුමන් අවුලා
ආලේ මගේ හොරකම් කෙරුවේ ආදරියේ
දෙහදේ පෙම් පැතුමන් ලියලා 
රහසේ සිතුවිලි පොදි බඳිනා
මහදේ හැමතිස්සෙම උන් ඒ ආදරියේ.....
ආසයි ඔබගේ තුරුලේ ඉන්නට කාටත් රහසේ
කියාගන්න බැරි ආදරේන්
සංසාරේම මාගේ ඔයාගේ
(කාලේම ළං වී ඉන්නට ආසයි කෙල්ලේ ඔබ හා මා
ඔබ හා මා දිවි පුරා මා හද කිව්වා නේද.....//)

හීනෙකට වෙලා මං බොහෝ කල් වෙනවා දැන්
පෙම් කළා මං දිවිතුරා රත්තරන්
නෙතට නෙත ළං කරන්
පෙම ළමැදේ ගොඩ ගසන්
උන් තරම් සෙනෙහසින් තනිකමින් මා
කුළුඳුල් ආදරේ ඒ මට දැනෙන ඔයාගේ
මගේ ජීවිතේද මේ ලැබුණේ
ඔය සෙනෙහේ මගේ නේදෝ සංසාරේ
හැම භවයේ අපි දෙන්නා අප අපගේ......

දෙනුවන් අඩවන්........
මාගේ ආදරියේ.....