මගේ ආදරියේmagee aadhariyee

Mage Adariye

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
නලින් ශිරන්තnalin shirantha

ගී පද

මගේ ආදරියේ නැහැ මගේ ආදරේ 
සිඳිලා කිසි දිනේ හැමදා එකවගේ 
සිඳුනත් සාගරේ විය යම් දිනෙකදී
නොසිඳේ මා හිතේ ඔබට වූ ආදරේ.....

මා මියෙනා තුරා නුඹ මගේ පණ කියා
මගේ හදවත ඔබේ නාමෙට පුද කළා
මම නුඹ ආදරී අත්හැරියා නොවේ
මගේ ඇස් දෙක වගේ නුඹ රැකුවා ප්‍රියේ......

(ආදරේ කළේ නුඹම දිවිය වී
රහසේම හැඬුවේ නුඹව සිහි වෙවී.....//)
හිමි නෑ නුඹේ ආදරේ නිදුකින් ඉනු ආදරී.....

මා මියෙනා තුරා.......

(රෑ සිහිනේ ලීවේ නුඹගේ නාමයෙන්
පෑ සිනහා සිහිවේ නොනිඳ යහනේදී.....//)
හිමි නෑ නුඹේ ආදරේ නිදුකින් ඉනු ආදරී.....

මා මියෙනා තුරා.......