ම‍ගෙ ආදර පවසට ඔබmage aadhara pawasata oba

Mage Adara Pawasata Oba

ගී පද

ම‍ගෙ ආදර පවසට ඔබ
නියං කලට හඩන අහස
ම‍ගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ 

ම‍ගෙ ආදර සිලිලාරට
‍නෙළුම් පතකි ළඳු‍නේ ඔබ //
ආදර උල්පත වියලන
ගිම්හා‍නේ සැඩහිරු ඔබ

ම‍ගෙ ආදර පවසට ....

ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද //
ඒ වැස්‍‍සෙන් ‍පෙම්වත් වූ
මිහිලිය වී මම ඉන්නද 

ම‍ගෙ ආදර පවසට ....