ගී පද
මග නොදැනා කොහෙට යාවීද අපි සැවොමා නොදනිනා
අපි පතනා දෙයම වේවිද නුඹවට හා හැසිරෙනා
අදරයම විඳිනාම තරමටම ජීවිතයම දැනෙනා
ජීවිතයක දුටු හීන බිඳනට අපි සතුටින් වෙසෙනා.....
ඉඟි බිඟි සේනා සතුටම ගේනා
සැනසුම ගේනා සිතුවිලි ඕනා
අපි පසු කරනා මොහොතක් පාසා
සතුටම රඳවා හිනැහෙමු සැවොමා ළංවීලා.......
අතහැරදා දැනෙන පාළුව සිත නොරිදා විඳිමිනා
උප උපනා සසරේ අයේම ඔබ හමුවේ නොවරදා
හමුවී ඇති බව ඈත සසරේම හදවතටම දැනෙනා
හුරුපුරුදුයි නේද අපි අපටම සුපුරුදු බව හැඟෙනා.......
ඉඟි බිඟි සේනා......
සිත්තම් වැහේ ගෙත්තම් සිහිනේ
හිත්මල් රෑනේ හැඟුමන් ආයේ
මේ වාගේ ළං වී සැමදා
සන්තාපේ ශෝකේ පරදා......
ඉඟි බිඟි සේනා......//