මඟ බල බලා ඇතිය මගෙ සුදාmanga bala balaa aethiya mage sudhaa

Maga Bala Bala

ගී පද

මඟ බල බලා ඇතිය මගෙ සුදා
සුකොමළ සිරියා ප් ‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා //

පිපි මල වගේ වුවන දිලිසෙනා
ප් ‍රේම සුගන්දේ දස අත විහිදා //
ඒ පෙම් කුසුමේ මධු රස උරනා
බිඟු රජ ලෙස මම යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා..

මා ප් ‍රේම රැජිනී මා දුටු විගසිනී
ලැජ්ජාවේ සැඟවී ඉඟි බිඟි පාවී //
නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ
රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා..

බැඳි සෙනහසේ ළදරු වයසෙදී
වැඩුණි හදේ දින දින මෝරා //
ඒ සිරියාවී මාගෙ මනාලී
දකිනට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා ඇතිය මගෙ සුදා..