මදුරුවන්ට පුරුදු කරමුmadhuruwanta purudhu karamu

Maduruvanta Purudu Karamu

ගී පද

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
මල් පැණි බී බඹරු වගේ රැට නිදන්න 
අනේ අපට හොඳ නින්දක් 
නිදියගන්න
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න 
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න 

මදුරුවන්ට ගෙවල් හැඬුවේ රටේ මිනිස්සු 
පැටවූ හැදෙන තැන් හදන්නේ ගමේ මිනිස්සු 
මදුරු පිලෙන් ජීවත් වෙයි බොහෝ මිනිස්සු 
එක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු 
අන්න එක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු 

ට්‍රේනින් දෙන කැම්ප් තමයි ගෝනි පදන්ගු 
අපේ යුනිට් මැලේරියා බරවා ඩෙංගු 
පවර්ෆුල් එක වැඩි හින්දා උඩගුයි ඩෙංගු 
මඩ ප්‍රචාර බොරුමර්දන පිට්ටුද බම්බු 
මඩ ප්‍රචාර බොරුමර්දන පිට්ටුද බම්බු 

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න......